මිලියන 9,000ක ආදායමක් ලබන සභාවක් දියුණු කරන්න ආණ්‌ඩුවක් මොකටද? කොළඹ පුරපති අපේක්‍ෂක ඒ.ජේ.එම්. මුසම්මිල් (එජාප)
කොළඹ මහ නගර සභා මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන නගරාධිපතිධුර අපේක්‍ෂක ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. කොළඹ මහ නගර සභා ඡන්ද සටන ගැන ඔබේ අදහස කුමක්‌ද?
පිළිතුර - මහ නගර සභාව අපි දිනනවා. මොකද කොළඹ, කොළපාට, අලියා කියලා කියන්නේ කොළඹ නගරයේ සංකේතය. ඒක අමතක කරන්න කාටවත් බෑ. ඒ අනුව කොළඹ එක්‌සත් ජාතික පක්‍ෂයට සටනක් නෑ. අපට අභියෝග කරන්න වෙනත් අපේක්‍ෂකයෙක් හෝ කණ්‌ඩායමක් ඉදිරිපත්ව ඇත්තෙත් නෑ. මේ මැතිවරණයේදී මගේ ඡන්ද ප්‍රචාරක කටයුතු ඉතා සාර්ථකව සිදුවන බව සිහිපත් කළ යුතුයි. මෙවැනි පසුබිමක් තුළ නියත වශයෙන් කොළඹ මහ නගර සභාව එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරනවා. ඒ ගැන අබමල් රේණුවකවත් සැකයක් අපට නෑ.
ප්‍රශ්නය - කොළඹ මහ නගර සභාවේ පැවැති පාලනය ගැන ඔබ සතුටු වෙනවාද?
පිළිතුර - පැවැති පාලනය ගැන සතුටු වෙනවාද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ පාලන කාලය තුළ වෙච්ච දේවල් දිහා බලලා. පසුගිය අවුරුදු 5 ක කාලය තුළ කොළඹ නගරයේ වසංගත රෝග පැතිරුණා. පොඩි වැස්‌සකදී වුවත් ගෙවල් පාරවල් යට වෙනවා. නගර සභාව සතු ක්‍රීඩාපිටි විවිධ කොම්පැනිවලට ලබා දෙන්න කටයුතු කළා. ජනතාව වසර ගණනාවක් ජීවත් වූ නිවාස අහිමි කරමින් මහ මඟට ඇද දැමීමට සැලසුම් කර තිබෙනවා. දැනට නිවාස කඩා දැමීමට සැලසුම් කර ඇති ලැයිස්‌තුව මා සතුව තිබෙනවා. වතු 42 ක නිවාස මෙලෙස කඩා ඉවත් කිරීම මේ ආණ්‌ඩුවේ අරමුණයි. එමෙන්ම ත්‍රිරෝද රථ හිමියන් ඒ ගොල්ලන්ගේ රථ ගාල්වලින් එළවලා දාලා ඉවරයි. අද වෙනකොට ආණ්‌ඩුවේ ටැක්‌සි සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා.
පසුගිය පාලන කාලය ගැන ජනාධිපතිවරයා ක්‍රියාත්මක වුණු ආකාරය ගැන මං කියන්නන්. කණ්‌ණාඩියෙන් පත් වෙච්ච අයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය දුන්නේ ජනාධිපතිවරයායි. පස්‌සේ එතැන දූෂණ චෝදනා තියෙනවා කියලා නගර සභාව අධීක්‍ෂණය කරන්න පංච පුද්ගල අමාත්‍ය මණ්‌ඩලයක් පත් කළා. ඒකෙ එක සාමාජිකයෙක් තමයි මිලින්ද මොරගොඩ, ඊට පස්‌සේ ඒ පළාත් පාලන ආයතනයේ දූෂණ ටිකවත් මිලින්ද මොරගොඩට නවත්ත ගන්න බැරි වුණ නිසා නගර සභාව විසුරුවා හැරලා විශේෂ කොමසාරිස්‌වරයෙක් පත් කළා. පසුගිය කාලේ තිබුණුq දූෂණ ගැන හොයන්න ඒක පුද්ගල කොමිෂන් සභාවක් පත් කළා. ඒකෙ චෝදනා 9 කටම මේ සියලුදෙනා වැරැදිකරුවන් බවට පත් වෙනවා. මෙවැනි පාලනයක් ගැන මට කිසිසේත් සතුටු විය නොහැකියි. ඒ දූෂිත පාලනය කිසි විටෙකත් අනුමත කළ නොහැකියි.
ප්‍රශ්නය - මේ මැතිවරණයේදී ඔබ ඉදිරිපත් කළ "පුරවර දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් කොළඹ සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කරන්නේ කෙසේද?
පිළිතුර - බොහොම පැහැදිලියි. අපි ඉතාමත් නිරවුල්ව ජනතාවට තේරුම් ගන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. පුරවර දැක්‌ම සංවර්ධන සැලැස්‌ම හරහා ජනතාවට හානි නොවන විදියට ජනතා මුදල් කොල්ල කන්නේ නැති විදියට වැඩ කරන්නේ කොහොමද කියලා අපි කියලා තියෙනවා.
විශේෂයෙන්ම නගරය තුළ ජීවත් වන ජනතාවගේ අහිමි කරපු සහ අහිමි කරන්න හදන ඉඩම් හා නිවාස ටික අපි ආරක්‍ෂා කරලා දෙනවා. මොකද රජය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණා. නගරයේ නිවාස 65,200 ක් කඩලා විනාශ කරන්න. නමුත් රජය ඒ වෙනුවෙන් හදන්නේ නිවාස 35,000 ක් විතරයි. ඒ කියන්නේ ඉතුරු ජනතාවට නිවාස දෙන්නේ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි. බලන්න මිලින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒක සිංහලෙන් කියනවා ඉවත්කරන නිවාස වෙනුවට කොළඹ නගරයේ නිවාස දෙනවා කියලා. නමුත් ඉංගී්‍රසියෙන් කියනවා. Aකඑප්එසඩැ රුsසාeබඑස්‌ක අසකක ඉe චරදඩසාed අසඑයසබ එයෑ ජසඑහ කසපසඑsග ඊට පස්‌සේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා එක්‌තරා පුවත්පතකට මිලින්ද කියනවා ජනතාව ඉන්න තැනම නිවාස හදලා දෙනවා කියලා. එහෙනම් මේ කියන්නේ බොරුවක් බව පැහැදිලියි.
මොකද මිලින්ද හොඳට බොරු කියන්න දන්නවා. ඔහු කිව්වා ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට පනතක් ගෙනැල්ලා කටයුතු කරනවා කියලා. මොනතරම් බොරුවක්‌ද...? නගර සභාවකට බෑ නීති හදන්න. ඒක කරන්නේ පාර්ලිමේන්තුව. පසුගියදා පාර්ලිමේන්තුවේදී අපේ පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්‌ඩු පක්‍ෂයෙන් ඇහුවා එහෙම පනතක් ගේන්න ආණ්‌ඩු පක්‍ෂය තීරණය කරලා තියෙනවාද කියලා. එතකොට නිමල් සිරිපාල, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ කිව්වේ එහෙම පනතක් ගේන්න හිතලවත් නෑ කියලා. ඒ කියන්නේ මිලින්ද බොරු කියලා විතරක් නෙවෙයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත් උල්ලංඝනය කරලා. එහෙනම් එහෙම බොරු කියන ආණ්‌ඩුවකට පුළුවන්ද රටක් සංවර්ධනය කරන්න.
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ පනත ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කරන මිලින්ද විශාල බොරුවක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කළා. නමුත් ඔහු තාම ඔහුගේ වත්කම්, බැරකම් ප්‍රකාශයවත් ජනතාවට ඉදිරිපත් කරලා නෑ.
ඒවගේම පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා මිලින්ද මොරගොඩ මහත්තයාගෙන් ඇහුවා එයා යටතේ තියෙන රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා. ඒ වගේම ඒවායේ අධ්‍යක්‍ෂක මණ්‌ඩලයේ ඉන්නේ කවුද කියලා... ඒවට ලැබෙන මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා. කෝ ඒවට තාම මිලින්ද මොරගොඩ මහත්තයාගෙන් පිළිතුරු ලැබිලා නැහැ.
මේකද තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තහවුරු කරනවා කියලා මිලින්ද මොරගොඩ මහත්තයා කියන්නේ.?
මං මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කතා කරන්නම්. මගේ මූලික අරමුණ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්‍ෂිත කිරීමයි. ඒ අනුව ඔවුන් පදිංචි ස්‌ථානවලම නවීන නිවාස සැපයීමට අපි කැප වෙනවා. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ "2020 සැමට නිවසක්" දර්ශනයට නව පන්නරයක් ලබාදෙමින් මේ අවශ්‍යතාව සපුරාලන්නයි බලාපොරොත්තුව. ඒ වගේම ජලය, යටිතල පහසුකම්, සංවර්ධනය කරන්න අපි ප්‍රතිඥ දීලා තියෙනවා. විශේෂයෙන්ම නගරයේ ජීවත් වන දරුවන්ගේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව තුළින් රැකියාවක් ලබා ගැනීමට තරුණ තරුණියන්ට අවස්‌ථාව සලසනවා. විශේෂයෙන්ම නගරාධිපතිවරයාව ජනතාවට හමුවෙන්න තියෙන අවස්‌ථාව අපි තහවුරු කරනවා. මේ සඳහා මහජන දිනයක් වගේම 24 පැය පුරා නගරාධිපතිවරයා ඇමැතිය හැකි දුරකථන අංකයක් අපි හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි නගර සභාව තුළ සිදුවෙන සියලුම ගනුදෙනුවල තොරතුරු අන්තර්ජාලය ඔස්‌සේ ප්‍රසිද්ධ කරනවා.
ප්‍රශ්නය - මහ ආණ්‌ඩුව එ. ජ. නි. ස. යටතේ පවතින විට ඔබට කොළඹ මහ නගර සභාව දිනන්න ලැබුණහොත් මහ ආණ්‌ඩුව සමඟ වැඩ කිරීමේදී ගැටුම් ඇති වීමක් සිදු වන්නේ නැද්ද?
පිළිතුර -නෑ. නෑ. මේක ආණ්‌ඩුව හදන බිල්ලෙක්. මොකද ආණ්‌ඩුව හිතනවා මධ්‍යම රජයේ සහාය නැතිව නගර සභාවක් කරන්න බෑ කියලා. ඒ කතාව සම්පූර්ණ වැරැදියි. මොකද නගර සභාව පාලනය කරන්නේ මධ්‍යම රජයේ මුදල්වලින් නෙවෙයි. අනිත් එක ඉතිහාසයේ ඕන තරම් මධ්‍යම රජය වෙන පක්‍ෂයකත් නගර සභා බලය තව පක්‍ෂයකත් තිබුණා. එහෙමයි කියලා නගර සභාවේ සංවර්ධනය නතර වුණේ නෑ. කොළඹ නගර සභාවේ වාර්ෂික ආදායම රු. මිලියන 9,000 කට ආසන්නයි. ඒකෙන් නගර සභාවේ වියදම් තියෙන්නේ රු. මිලියන 2,000 ක් විතර. ඒ ඉතුරු මුදල් ටික හරියට දූෂණයක් නැතිව වියදම් කළොත් නගර සංවර්ධනයට ඒ මුදල් ප්‍රමාණවත්. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා එක්‌සත් ජාතික පක්‍ෂය කියලා කියන්නේ ජාත්‍යන්තර වශයෙන් විශාල ශක්‌තියක් තියෙන පක්‍ෂයක්. ඒ නිසා නගර සභවේ සංවර්ධනයට අවශ්‍ය නම් විදේශ මුදල් වුණත් ගෙන්වා ගන්න පුළුවන්.
තව දෙයක් මට කියන්න ඕනේ. කරු ජයසූරිය අපේ නියෝජ්‍ය නායකතුමා නගරාධිපති වූ වෙලාවේ එවකට ආණ්‌ඩුව පැවතියේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය යටතේ. එතුමා නගරාධිපතිව සිටි වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළදී කොළඹ නගර සභාවට ජාත්‍යන්තර සම්මාන 3 ක් ලැබුණා. 01 - දකුණු ආසියාවේ පිරිසිදුම නගරය. 02 - දකුණු ආසියාවේ හොඳම පාලනය ඇති නගර සභාව, 03 - දකුණු ආසියාවේ හොඳම නගරාධිපති යන මේ සම්මාන තුන. ඊට අමතරව මෙතුමා නගරාධිපතිධුරයෙන් ඉවත්ව යනවිට රු. මිලියන 736 ක් නගර සභාවට ඉතුරු කරලා දීලා ගියා. එ. ජා. ප. ය හැමදාම නගර සභාව පාලනය කළේ එහෙම. පොඩ්ඩක් බලන්න මිලින්ද මොරගොඩ පහුගිය කාලේ කියපු කතා ටික. එයා වැඩිපුර කියන්නේ ආරක්‍ෂක ලේකම් සහ ජනාධිපතිවරයාගේ පුතාත් එක්‌ක එකතු====වෙලා ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන කරන්න යන වැඩ ගැන. ඒකෙන්ම පේනවා මෙයා ළඟ වැඩසටහනක් නෑ කියලා.
ප්‍රශ්නය - කොළඹ මැතිවරණය තීරණාත්මක වන්නේ පැල්පත් ප්‍රශ්නය නිසා. පැල්පත් ප්‍රශ්නයට ඔබ විසඳුමක් ලබා දෙන්නේ කෙසේද?
පිළිතුර -මං බොහොම පැහැදිලිව කියලා තියෙනවා වසර ගණනාවක් පැල්පත්වල ජීවත් වෙච්ච ජනතාව එළවන්න අපි ඉඩ තියන්නේ නෑ කියලා ඒ මිනිස්‌සු ජීවත් වෙන තැන්වලම අපි ඔවුන්ට නිවාස දෙනවා. පැල්පත් ප්‍රශ්නය අපි අනාගතයේ ආපහු කතා කරන්න පුළුවන් මාතෘකාවක් බවට පත්වන්න ඉඩ තියන්නේ නෑ.
සාකච්ඡා කළේ - පියසේන දිසානායක |